මාරුතේ යව

මාරුතේ යව උපන් ගමටම
වැව් දියේ බැස මල් නෙලූ
අදත් කවුරුද මල් නෙලන්නේ
ඒ දියේ

වැස්ස වැහිදා වෙලේ වතුරේ
කෙසෙල් කොට බැඳ පැද ගියා
පින්න තෙත් කල කැලේ වදුලේ
දිවුල් ඇහිදින්නට ගියා

මාරුතේ යව උපන් ගමටම
ගුරුමගේ පියවර තැබූ
අදත් කවුරුද ඇවිද යන්නේ
ඒ මගේ

දෙවොලෙ පුදලද රසේ මුරුතැන්
කැන්ද කොලයට බෙදාලා
වැන්දෙ වෑ ඉහ අපේ දෙයියෝ
තවම ඉන්නෙද තෙද පපා

මාරුතේ යව උපන්ගමටම
පන්සලේ ඝණ්ටා ගැසූ
අදත් කවුරුද නද කරන්නේ
පෙර ලෙසේ