හවේරා කවචය

රාජ සුරාජී පින් බෙලෙන් පුත් ලදින් ලද් වරම්
රෝජ විලාසී පුල් කුසුම් වෙත් ඣිතය් රක් තිසුන්
වීර රොහීණී දුන් අණීන් පුත් සටන් වන් තෙදින්
මාර සමීරී සන්තොසින් ලක් සසුන් රැක්මෙ හුන්

බාහ අදංසී ඝර් කයංත් සුන්දරින් රක් ලඳුන්
නීල සිඛාඩී රත් සඳුන් ගම් වසත් අම්බුරුත්
රාඉ රයන්නී වන් අමර් චන්දනම් බෙම් බිසුන්
රාකි සුවග්ගී දුර්මිලුන් කුල්පහන් වන්දනම්

සාලි රකීආ ශුක් සිමන්තින් රෙහෙන් සුන්සිරින්
මාලි මඳෝරා බුද් පෙලෙන් විත් අගින්දිස් සුලින්
භාව උදාරා සද් තිසුන් පුත් කෙතන් අස්වදුන්
දේවි සවේරා අබි රදුන් මව් වඳිම් මම් වඳිම්

නාග කවන්රා අග් බිසවු සල් කුසුම් කිඩිකිඩැල්
යාල යසෝවී යක්කුලත් රක් කුලත් එක්ව ලද්
සෝණසුභාවී මිත්තනින් මං නුඹෙය් මර්මකුන්
වේරමහාදේවින් වඳිවු මෙත් මවුන් පිර් පෙරුම්