කොහෝ කොහෝ

කොහෝ කොහෝ
අඹ දඹ අතු අතර රැඳී නැකතට ලබනා
මහසම්මත රජුන් දවස වන්නම ගයනා
කොහෝ කොහෝ
ඒ නාදෙට රබන් සුරල් තාලම වැයෙනා
සූරිය මංගල්ලෙ ලබන්නා
අබිසෙස් කල යුගයයි මනු නා
කදුරු කඳෙන් මැවෙන්නා ඒ අප මහ රජින්දා
දැදුරු ඔයෙන් වඩින්නා ඒ සුරලිය දසුන්පා

කැකිරි පලන ලඳුන්නේ මේ සිනහව කොහෙන්දෝ
අකුණු පෙණ මලින් මිදුනද සිනහා වෙන්නේ
දොළට කෝළමක් වෙලාද තුටින රගන්නේ
සිනා බෝ වෙවී ලබා සැප සිරී
සූරිය මංගල්ලෙ ලබන්නා දොර දොර කිරි උතුරන්නා
පළමු කපෙන් උපන්නා ඒ අප මහ රජින්දා
නවමු සඳත් බලන්නා ඒ පතිනිය නකත්දා

වඩින හිරුට ගයන්නේ මේ සිරිතකි අසන්නේ
හිරුද මින රැසින් සමුගෙන මුල්ගෙට යන්නේ
පවුලෙ සියල්ලන් මහගෙදරට රැස්වන්නේ
උදාවී දැයේ යුගේ නවලොවේ
සූරිය මංගල්ලෙ ලබන්නා දොර දොර කිරි උතුරන්නා
තිරික්කලෙන් වඩින්නා ඒ අප මහ රජින්දා
පිරිත් කලේ ඉසින්නා දී සෙත්සුව මැණික්පා