කිරලෝ

කිරලෝ අඬපන්
දහවලෙ බලපන්
මිදුලේ මල් පිපෙනවද කියා
අහලා කියපන්
කවුරුද ආවේ
මල්ගොමු පසුකර නිවෙස කරා

කිරලෝ…. කිරලෝ…..
කිරලෝ…. කිරලෝ…..

මේ හැටි කුමටද
කසුකුසු එලියේ
ඇයි මා තනිකර අගුලු දමා
කිරලෝ සොයපන්
පවුලේ උන් මැද
අම්මා ඉන්නෙද කඳුලු සලා

කිරලෝ…. කිරලෝ…..
කිරලෝ…. කිරලෝ…..

අප්පා නොදොඩා
මල්පැල අසලද
කඩවර දෙවි හට භාර වෙවී
කිරලෝ සිතපන්
නොකරපු වරදක
අගමුල පැටලී වියරු වුණා

කිරලෝ…. කිරලෝ…..
කිරලෝ…. කිරලෝ…..

නායක හිමියෝ
කට්ටඩි රාලද
යන්තර මන්තර තතු කියනා
කිරලෝ කුමටද
නැති ලෙඩකට මම
බැන්දේ ඔලුවට බෙහෙත් පොදී

කිරලෝ…. කිරලෝ…..
කිරලෝ…. කිරලෝ…..

ආලය කෙරුවා
ආලය දැනුනා
සිතුවේ නෑ රැවටෙනව කියා
කිරලෝ මා දැන්
තනිවී ඉවරයි
බලපන් මා අත වරද නැතී

කිරලෝ…. කිරලෝ…..
කිරලෝ…. කිරලෝ…..

කිරලෝ අඬපන්
විගසින් බලපන්
ඇයගේ පියවර ඇසෙනු වැනී
බලලා කියපන්
ඇයමද ආවේ
මල්ගොමු පසුකර නිවෙස කරා

කිරලෝ…. කිරලෝ…..
කිරලෝ…. කිරලෝ…..