ඉවුරේ නම ලියමූ
දෙගොඩ තලා ගලලා
සිත නොරිදන් ඇයගේ
ඒ නාගොත හැර
මේ යක්ගොත හැර
එගොඩහ ලොවකට
අපි යනවා
මැදුරේ සුව නැතිදා මහද මැදුර පුදමී
කෝලිය පුණ වෙමි සවි බොහොමා
සඳ එළියේ දියරැලි නගනා
නාලිය නුඹෙ වරළස ලෙසිනා
දෙවොලේ පිදු දිනිඳා රුවට රුවක් උපදී
වෙසමුණි සවියත් අපි ලබමූ
නුඹෙ සුවඳේ සසරෙම බැඳෙනා
අත නොහරිමි ඉරණම ලෙසිනා