ජිමුත ජිමුත

ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ

තම්බෝරුවෙ හඬින් හෙළේ ඇහැළ මහට බුලත් දෙනෝ
නැකැත් කොලේ කියවාපන් අදත් වැයේ දෑතේ වෙර
ජිමුත ජිමුත ගැටී හැපි බිරුඩ කුලේ පයිණ්ඩෙදෝ

ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ

බොල් වී වපුරන රජකුල උත්තුඟ හිඳ යානේ
වෑ රවුමේ අපි මුනිපුද මේවර තුන්යාමේ
මුවට වදන් නැති මල් පාවඩ නැති දුසමාවේ
මුතුකැට කන්දට තෙල් නැලියද බොල ඇන්නෑවේ

පවුරු තුලින් ඇහෙන්නැතී කාටත් මම කියන්නැතී
නුඹ කියහන් මගුල් බෙරේ නහරට වැදි කතන්දරේ
කල අනුවණ කමක් වෙදෝ මේ උරුමය අරන් පලෝ

ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත සුරුණ්ඩියෝ