රක්ක රකෝ

(රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක
රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක)

රක්ක රකෝ සවිය රක්කුළ ඩා හෙලලා සරු- කලෝ
පොළවෙ ගුණේ එක්ක මුහුවී කෙත් පැහිලා- වහ නැතෝ
(රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක
රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක)
අප්ප වරෝ ඕන් පැණි කළ වක්කරනෝ- කළගුණේ
බිස්සෙ පිරී ඇත්තෙ කහවණු
රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක

මහවුසදේ
( ඕන් වෙල්ලස්සෙන් හෙළබිමට පතුරුවා සුදුහීනටි ගොඩහීනටි මාවී කහමාල වැව්තාවුල්ලේ මඩතවාලූ හෙල්මලූවලට ලූම්බිණි හපුමල් වී විසාලා මාතිස් නුවර පොක්කාලි වපුරා*

දනට බෙදන බත හෙළ අවුලූ සමගා
කුස රකිනා වෙර වැව් දාගැබ් බැඳ
රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක
පින් පුරනා හෙළයෝ
දැයක් රකින ඉරෙන් උපන්නෝ

රක්ක රකෝ සවිය රක්කුළ ඩා හෙලලා සරු- කලෝ
පොළවෙ ගුණේ එක්ක මුහුවී කෙත් පැහිලා- වහ නැතෝ
(ගොඩට සුවඳැල් රත්ඇල් නවපත්ඇල් රත්කඳඇල් බෙහෙතට වෙද හීනටි විසට කලූ හීනටි ඇසට දහනල බණ අහනවානම් සමන් දෙයියන්පා මසුරන් කහවණු බුදුපුදට සියපත් ඇල් සිරසපාද තුන්දොස් පලවා)

යලද මහද මැද තුන් කන්නේ වපුරා
රට රකිනා ගොවි සේනාවේ යන
රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක
සිවුහෙළයේ රකුසෝ
හටන් බිමද කෙතට සමානෝ