මකුලුදැල් ආදරේ නුඹව පටලන්න බැරි
සිතින් විය වියා හුන් කාලෙ ගෙවිලා
වියන් බැඳි සයනයේ තෙමන් ගිලිහී වැටෙන
වසත් කල කඳුල නම්බුව වෙලා
නෙලුම්කොල ආදරේ හරිම පුදුමයි
නුඹව රඳවාගන්න බැරිමවී යයි
මගෙන් දුර ඈත මුතුබෙල්ලෙකුගෙ
පිපාසය නිව නිවා
නුඹ සිටින අරුමේ
මහෞෂධ ආදරේ හරිම පුදුමයි
නුඹව සුවපත් කරනු බැරිම වී යයි
මටත් අඳබාල වෙදපොතක ඇති
ඔසුවකින් සුවලබා
නුඹ සිටින අරුමේ