නීල වර්ණ මොණර පිළයි

ගැ: නීල වර්ණ මොණර පිළයි
පීත වර්ණ කර අහුරයි
දෑත දරා නුඹ එනවද
සිතුල් පවුවෙ පොකුණු ඉසව්වේ

පි: ක්ෂත‍්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ

පි: ආලෙ බැන්ද මුතු දෙපොටයි
කෝල කිකිණි වළලු සැලෙයි
පාන සිනා නුඹ දෙනවද
ඇතුල් නුවර කාජරගාමේ

ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ

ගැ: කුණ්ඩල කුණ්ඩල සැමතැන
තුන්යම තුන්යම එක ලෙස
ආයෙ මැණික් ගඟට නොයමි
සඳුන් වනයෙ සඳ ඇති යාමේ

පි: නුඹ එන තුරු මම සිටිනෙමි ස්වර්ණමාලියේ

ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ
පි: ක්ෂත‍්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ