සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේ
හිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ
සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ
කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රා
පින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී
සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේ
ඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේ
නෑසෙන හඬ ඇති නිසසල විල මැද අරුමේ සියපත බිහිවෙද්දී
සිවුදිග සුවඳය සුවඳද පැරදේ මිණිහඬ මිහිරේ පැතිරෙද්දී
පින්නෙ පිපී රුවින් මල් පා තබනා නදින් වන්- ගිලී සැලී මංපෙතේ ඔන්න බලන් දැන්
මන්දිරයේ සඳක් වන් දෝසතරේ නකත් දුන්- සොබා සිරී කැන්දනා බිරණි කුමරියන්
සින්න වෙවී දුකින් පෙම් හාදවනා හදක් නම්- රැඳී මුවේ පෙම් සිනා කම්ස පුරට වන්
වරිගෙ බැඳී තහංචී පාරවනා හදත් රන්- සිතාමතා වෙන්කලා අසුර බලෙන් උන්
බඳිනා සත්පොට ගෙල වටදෝ ඔපයටදෝ- දිලෙනා දෑසේ මුතු කැටදෝ උණුසුම්දෝ
රක්කුලයේ උපන් උන් සෝණ පෙලේ බලෙන් වන්- මෙදා දොසේ සුන් වෙනා විජයකුමරුගෙන්
පන්න දමා පුරෙන් දැන් රාජබලේ නොදුන් හිම්- දුකේ සිතේ වැලපුනා යන්න හිතත් නම්
සක් පුරයේ ගොසින් හුන් ජීවහත්ත සබර බිම්- පුරා මුදා යක්කුලේ හයිය හිතෙන් දැන්
රැන්දු සිරේ ලෙසින් කණ් පැහැරගනී පුතුන් රන්- එපා අහෝ දෙන්නෙපා ඈගෙ පුතනුවන්
හඬනා කඳුලද අකැපයිදෝ උරුමයිදෝ- මැදුරේ දිවියම සිරගතදෝ බිය සැකදෝ
දේව පුරේ දිව්‍ය කුලේ සුරසඳු අගි පුතන උපන්
ආයෙ නොආ වෙණ්හු පැලේ දැසි දස් නැති දුකෙහි වැඬේ
බෝම දුකේ මන්ද විනේ සුරයන් අසුරයන් ගැටෙන්
මාගෙ දොසේ දොසෙහි බලේ සුර රජ පුත ඉවත බැලී
දෑස වසා රහසෙ බිසෝ කුස ඔත් දියණියද මුදන්
ආව නිසා රොහිණි බිසෝ කුවිණිය පිටුවහල් කලා
පාරවනා කණ්හ බිසෝ සපරෙට යන මගට බසින්
දේවකියේ යන්න නුඹේ තනි මග උන් නුඹව හඹාවී
තනිවූ මාවත අශ මග දෝ දොස වෙතිදෝ- නැති දොස නොනගන් ඇය ලතැවේ මා දුකසේ
විශගෙ දුවේ වෙශගෙ නගෝ දෑස වසා ඇයි- ශම්මුද බිය උන්මද ලිය මෙත් සිත වඩනා
මරගෙ ගිරේ තනිව වෙසේ මාල පබලූ කොයි- බුද්ධං ගුණ ලංකර ගෙන හිත් ගිනි නිවනා
බඳින කලේ වෙහෙරෙ තුබේ ඈට සතුටු මැයි- රැන්දුනු කල වන මැද ගිර ලොව දම් හඟිනා
ගණින ගිනේ ගණන මෙනේ බෝම දැනුම වෙයි- සන්සුන් සිත අනියත ලොව යුතුකම් පමණා
රැඳවූ ගල්ගෙය වශගිරදෝ හද ගැබදෝ- ගල්ගෙය බිඳපන් හද නොබිඳේ ඇය සුවසේ
මා දන්නා රන්කඳ සෝණා- අවුරන්ලී උන්මද චන්ද්‍රා
සන්‍යාසී සිංහළ දෝණි- පිරුවට අඳිතී සිල් පේවී
බැඳපූ දාගැබ දෙව්ලොවදෝ හද ගැබදෝ- දාගැබ නොබිඳින් හද වැලපේ ඇය දුකසේ
ඈ ඉන්නේ එරමිණි බන්දා- බැඳි හිසිනී වන් ලෙස නිද්‍රා
අලූයම යාමේ අහඹුය නාදේ- එදවස ඉපදී නුඹ ආවේ
සෙවණැලි පාවේ රෑ සඳ එළියේ- ඇසුණිද කිරළා කියනා දේ
සමනොල යායේ මංපෙත ඇහිරී- පිණිබිඳු විසිරී වියැලේවී
ගනකුලූ පාවී පුපුරා යාවී- නෙතු පිය ඔසවන් මහිදේවී
ඈ ඉන්නේ එරමිණි බන්දා- බැඳි හිසිනී වන් ලෙස නිද්‍රා
සුනුබුණු පාවේ ගිනි මද්දහනේ- පා පැටලී පැටලී ආවේ
පෙරදා කීවේ පුවතද ඈගේ- වැලලුණි නොසොයා ඉතිහාසේ
බක්මී යායේ වනමල් පිබිදී- ආයෙත් සුළඟේ ලෙළදේවී
ගෙංගේ පිරුනා නුගතුර ඇඬුවා – නෙතු පිය ඔසවන් මහිදේවී
ඈ තවමත් එරමිණි බන්දා- බැඳි හිසිනී වන් ලෙස නිද්‍රා
ඔරුගල පාරේ කවුරුද කීවේ- ඇගෙ පිහිටක් තව ඇතේ කියා
පොදිලිහනා තැන කෝ කෝ ඇසුයේ- ඇගෙ කඩිනම් ගුණ දැනී කියා
අද පෙර ලෙස නොව සෙව්වේ බැලූවේ- සිංහල අප නුඹ සෙනේ නිසා
නුඹගේ ඉදිරියෙ හිඳිනෙමි දේවී- නෙතු පිය එසවුණි කුවිනියගේ
පිපිරූ කොපුළත රිදුනාදෝ හැඬුවාදෝ
කෙණෙහිලි නොකරව් යළි පෙරසේ ඇය මහදේ- ඇය මහදේ- ඇය මහදේ
ගගන අරා වර දෙරණ පුරා අණ ලෙසට පුරාතන කුවිනි විරාජන
අසුර හෙලේ බල අසුර හෙලේ බල අසුර හෙලේ බල අසුර හෙලේ බල
සවන කරා නද බිඳින උදැසන උපත ලබාගෙන දිලෙන පුරා සඳ
කණහ පුරේ යලි කණහ පුරේ යලි කණහ පුරේ යලි කණහ පුරේ යලී
නොකර එදා කල වරද මෙදා යලි මැදුරෙ ලබනු අබිසේක බිසෝ වර
කුවිනි කුවානන කුවිනි කුවානන කුවිනි කුවානන කුවිනි කුවානන
නුඹට සෙනෙහෙ මම අදද එලෙස මය අපේ පෙළය නුඹ තිලක තිලක නුඹ
නුඹගෙ හෙලේ මේ නුඹගෙ හෙලේ මේ නුඹගෙ හෙලේ මේ නුඹගෙ හෙලේ මේ
භෘංග ශෘංඛලිත ශත‍්‍ර පත‍්‍ර මධු ගන්ධ භරිත අරවින්ද සපිරිවිල
ඵුල්ල කල්ලහර චිත‍්‍ර මිත‍්‍ර ගිරි ශිඛ‍්‍ර උජ්ජෘම්භ රශ්මි අමෘතකර
ථුල්ල මාතංග නෙත‍්‍ර රත‍්‍රංග සරි රුපුන් භංගකල කණ්හ කණශ කුල
වෙණ්හ වෙණුකලනි රම්‍ය සුම්‍ය රජ බරිය බිරණි වයඹ කුවිනි සඳකිඳුරි
ගජායූධධාරී ගණ ගජාජීවගාමී ගටගටා ගානෙගානේ – ගණ ගගර ජජර ගජලි කොමලි
චමූ චන්දිමාවී චර චරූලෝචනාවී චල චලා චල්ලූදල්ලී- ඡුද බඳන චම්පු චරණ චකොරි
ප‍්‍රභාවී ප‍්‍රමෝදී ප‍්‍රිය ප‍්‍රදීපාවි ප්‍රේමී පුරු ප‍්‍රජාපාලිකාවී- ප‍්‍රභු පරම පර්ව පබඳි පතිනි
කුවානේන කෝවීදනි කුණාලී කුලාම්බී කුරු කුවේණි කුමාරී- කුල කරවි කුරවි කරවි කුකුරි
ජනී ජානයා ජානන ජයේ ජාත ජාමී ජය ජලාවාටගාමී- ජල ඣරිය ජනිත කබොඣි ඣයය
ලකේ ලාලනී ලෝලය ලියා ලාමි ලෝපා ලනු ලොවේ ලෝකලීලා- ලැසි ලගනි ළකම ලලිත ලූලිත
මනෝහාරී මාලී මලි මහීෂී මධූරී මනු මිහී මානකාරී- මධු මදර ගිරග මඟල මකුට
රවී රාහු රාජී රජ රැහේනී රජීනී රණ රුචීරානරාණී- රුති රුවට රහස රිවිදු රුසිරු
නදී නාදිනී නන්දිනි නභෝදී නුරානී නුග නිලේ නාග නාරී- නව නලිනි නරනි නගිනි නයනි
දයාණී ධරේණී ධන ධනානී දිපානී දිනු දැයේ දූ දිගාසී – දශ දිගත දිදුල ධම්මසැරිණි
භවාග‍්‍රී ත‍්‍රිභූවන් බද භවානී භුපාලී බනු බඹාවී බිමානී – බල බදුරු භක්ති බුද්ධ මිතණි
සමාධී සමාපත්තිනි සමූදී සුදේවී සුබ සුබාවී සුබෝධී – සකි සකල මුක්ත සුමග පතල
තතාතෝලතාලී තුලදරී තාමරාසී තතවයී තාරුකාවී- තන තම්දෙන තතන තම්දෙන තනන
යමායානයානී යුහු යුහූ යූධකාරී යශයුගාධීපතීනී- යහදසන යසස යහජ යෙහෙලි
හටාවූ හෙළේ හේතුව හලා හාරිහාරී හරුමයී හාරිද්‍රාවී- හෙළ හරිණි හිරණි හගරි හසිනි
විශාදෝණි වාණී වශපෙලේ වාසුදේවී වරඟනා වාසනාවී- වශ විජිත වොරැඳි වඳිමු විරණි