ඕං වරෙං යන්ට මහ බැද්දට සැකුලෙක් හඹාගන්ට,
හබකට මංගහන්ඩ,
පෝපත වාගේ නොඉඳ,
හේළංගාව ගියා වාගේ,
ඌරු බඳේ හඹන්ටත්,
රවුළන් අට ඉස්බක් දුර පැනගත් මහගිරි දඹෙන් පැන,
ටීල් ගහන,
කිරීටි ගහන,
කොවු ගහන,
ටං ගහන,
ටැක්කම් බාන,
වන්නිකරේ කටු කැච්චෙක්,
ඇඹුල් හාවෙක්,
අඩා එළා ගන්ට……..
ආ………
මිනිපන්දමෙ යන්නායි ආණ්ඩි වුණේ
වරෙව් යකෝ
බසබන්ද කරුවෙලේ එන්නෙ රැහේ
ඉර පොජ්ජ තෙලිපාන වන්නි හතේ
කස්කරේ මුස්නේ බලාපං මලේ
(ඉස්සර වාගෙම තාමත්
කෙරුංකාරයාද කියල බලමුකෝ…
අනේ මල්බැත්තා පලාපේඩියෙක්වත්
එළාගන්ට බැරිවෙනව ඔට්ටුයි)
හොටබරියෙක් රොඹලෙන් ඇන
අලවැල් ටික පන්ගහනා
මහ පරියෙක් අකුලෙන් පැන
රූ ගානා මං දැකලා
ගොඩ උඩ සලාවෙන් ඉන්නා
ගම් හතකට උහල්ලා
යකුන්නැහේ….
(හෙල්ලි පිඩැල්ලියො ගෝඇට හොද්දියො අපේ එකාව වසී කොරං පේන්නැතුවයි
හෙහ් හෙහ් හෙහ් හෙනම්මා…)
පැණි ලබ්බේ වැටුණා
එළ ඩිබ්බා ගිය පෝයට
කීඩැල්ලිගෙ සිහියයි
කාදැලියා පල අහකට
ගමන්කොබෙයියා කොක්කාවෙන්
යනවා හැන්දෑවට
යකුන්නැහේ…..
අන්ඩොයි බෑ අන්ඩොයි බෑ…..