සූරියවච්චසා

පන්සිළු:මාකුරු මාලේ නාදළු මැද්දේ- සිලි බිලි සිලී බිලී වළලූ නාදේමානිල් සුවඳේ කිතුලේ රෑණේ- චිලි බිලි චීලි බිලී චප්පී නාදේමීන නයන මට සින්නම වෙච්චදා- නෑන සිව කුලේ සූරිය වච්චසාසූරියවච්චසා…………….දුටු පලමු දිනේ- සැනසීම නොදී- හදගැස්ම අරන්- රඟමඬලේ දිලිච්චා- පා රසුදෑලේ සැලිච්චා- සූරියවච්චසා සූරියවච්චසා:සීන සතක වෙණ තත් හැඬවුණාදෝ- කෝණ මහට ගුණයක් කොහෙ තියේදෝසීත සුළං නුහුරට අද හමාදෝ- තාල…

තව කියවන්න

ලියේ ලෝල වෙලා බොලේ

ලියේ ලෝල වෙලා බොලේගෙලේ මාළ දමා ගියේපිළේ පාළු තමා රැයේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාඩුවේ ළකේ ලකළු කරන මලේදිලේ පබළු නළල් තලේසැළේ වළා රඟන කළේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාළුවේ පයේ හඬන සිලම්බු ලාමයේ තනිය හරින පලාතියේ මුහුණ බකන් නිලාඅනේ බලන්නේ අනේ රකෝ සිලම්බුවා පාළුවේ

තව කියවන්න

ඩෝලේ

නූපුර රාවෙටවත්සුණු සුවඳටහැඬවෙයි නැළවෙයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ පායන පුන්සඳ වීදියෙ රෑයමපෑයූ යාමෙට විමසයි විමසයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ සීතල සුළඟට අවනත ගහකොළසිලිසිලි හඬකින් මුමුණයි මුමුණයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ දෑසින් පවසන දෙතොලින් සඟවනඈ හද ගීතයෙ තාලයෙ නාදයමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ

තව කියවන්න

සැඳෑ අහසේ

සැඳෑ අහසේ හැම වලාවකකවුරු හෝ ලියලා තියේවීහදේ පන්හිඳ කඳුළු පුරවාකාටවත් නොකියූ කතා මියෙන හිරු සයුරේ ගිලෙද්දීරුදුරු සුළෙඟ් ගසා යාවීනැබේ නුපුරුදු ඉමක රැඳිලානිසලවී ඔහෙ තියේවී අඳුරු වේවී හුදකලාවේකාටවත් නොපෙනීම පාවේඅහස මුරගා දිනෙක බිඳෙතීකඳුළු වැහි වැස ඒ කතා

තව කියවන්න