සූරියවච්චසා

පන්සිළු:
මාකුරු මාලේ නාදළු මැද්දේ- සිලි බිලි සිලී බිලී වළලූ නාදේ
මානිල් සුවඳේ කිතුලේ රෑණේ- චිලි බිලි චීලි බිලී චප්පී නාදේ
මීන නයන මට සින්නම වෙච්චදා- නෑන සිව කුලේ සූරිය වච්චසා
සූරියවච්චසා…………….
දුටු පලමු දිනේ- සැනසීම නොදී- හදගැස්ම අරන්- රඟමඬලේ දිලිච්චා- පා රසුදෑලේ සැලිච්චා- සූරියවච්චසා

සූරියවච්චසා:
සීන සතක වෙණ තත් හැඬවුණාදෝ- කෝණ මහට ගුණයක් කොහෙ තියේදෝ
සීත සුළං නුහුරට අද හමාදෝ- තාල මැදින් සුර ගඳඹා පෙනේදෝ

පන්සිළු:
සුමනමාල ගෙල පලඳා සෝබා- කෙණර ගමන ලැසී බිඳලා රඟනා
මුවට නේන ගතු සඟවනු කෝමා- කොමළ කෝල නෙතු සිතුසේ දොඩනා

සූරියවච්චසා:
සක්ක සුරන්ගේ හද බැඳි ගඳඹා- එක්ක නොයන්නේ ඇයිවද රාධා
දැක්ක දින සෙනේ මට නම් දෝසා- මක්ක කරන්නේ පන්සිළු බාධා

පන්සිළු:
තාන තනෙන තන පාද සැලෙච්චියෝ- බෑන සමනලේ සේල ලෙලෙච්චියෝ
පීන සරන නැබ රෑණ කෙකිච්චියෝ- පාර වර අසා නෑ ගං යච්චියෝ

සූරියවච්චසා:
ස-ස සරිස නිස පනිසරි නාද ඇහෙච්චියෝ- හීන තොටුපලේ මාන බලච්චියෝ
බෝම හදට දුක ආයෙ නොදෙච්චියෝ- යාළු පොරොන්දම ගැලපී ගච්චියෝ

පන්සිළු:
දෑත ලතාවේ පාද සොබාවේ- රාජ සබාවේ රූප ශ‍්‍රියාවේ
පාන නුරාවේ ප්‍රේම පුරාණේ- මෑත ලියද්දෝ ‘‘තිත්- තෙයි’’ නාදේ

සූරියවච්චසා:
පින්න මුතු සලා පෙම් මල පිපෙනා- ඇන්න යනු එපා හද මයෙ සැලෙනා
සුසර නද තුරා අද මම රඟනා- ඔන්න රසුදැලේ මිණිගෙඩි ලිහෙනා

පන්සිළු:
මාල හතෙන් මනමාලි වෙච්චියේ- කාර බඳින්නේ කවදාද පොච්චියේ

සූරියවච්චසා:
දෝත ගනින් දී පිරුවට කච්චියේ- පෝරු තහංචිය බිඳලාපච්චියේ