මාරුතේ යව

මාරුතේ යව උපන් ගමටමවැව් දියේ බැස මල් නෙලූඅදත් කවුරුද මල් නෙලන්නේඒ දියේ වැස්ස වැහිදා වෙලේ වතුරේකෙසෙල් කොට බැඳ පැද ගියාපින්න තෙත් කල කැලේ වදුලේදිවුල් ඇහිදින්නට ගියා මාරුතේ යව උපන් ගමටමගුරුමගේ පියවර තැබූඅදත් කවුරුද ඇවිද යන්නේඒ මගේ දෙවොලෙ පුදලද රසේ මුරුතැන්කැන්ද කොලයට බෙදාලාවැන්දෙ වෑ ඉහ අපේ දෙයියෝතවම ඉන්නෙද තෙද පපා මාරුතේ යව උපන්ගමටමපන්සලේ ඝණ්ටා ගැසූඅදත් කවුරුද…

තව කියවන්න

නංගේලී

මූලක්කාරම් හින්දා නින්දාඉවසා ඉවසා දිනයක් ආවාපත්තිනි පඬිපුර දෙදරා ගිනිලාකකියා රිදුනා නොහඬා නොදොඩානංගේලී……නුඹ නංගේලී…… අටකුල අට මුල ලංකාවේචේරයො ඇයි පහතට හෙලූවේලිහවා ඉරවා ඉජවා එජවාවෝඅයිතිය සමසේ නැතුවද දඩකෑවේනංගේලී……නුඹ නංගේලී…… තිරුවිද් දංගුර් මූලචි පරම්බුචිරුකන්දන්ගේ බැඳි ආලේකේරල ගිනිගන්දක් නිවලාතන බද්දෙන් නිදහස් කෙරුවානංගේලී……නුඹ නංගේලී……

තව කියවන්න

උන්ඩියා

මේ උන්ඩියාපුල්ලියා බැඳගෙන බැරි බර අදිනා වණ්ඩියාඅහුලා අහුලා පොදියට බඳිනා බණ්ඩියාකාටත් හිතහොඳ කාගෙත් දුක දුටු චණ්ඩියාමේ උන්ඩියා රද්දඩ අටනා බහිපුර වෙහෙනාඋන්ගේ ජඩ වැඩ කරන්නෙ නෑමේ උන්ඩියා අට අට පටකේ අට ගණ පිදුවේපිට පිට හටනේ දුනුපෙල හිටියේමේ උන්ඩියා යනවිට බහිකේ මුතියංගනයේමුනි බණ ඇහුනේ ගිහිගෙය ඇරියේමේ උන්ඩියා

තව කියවන්න

මං ආදරෙයි

මං ආදරෙයිහිරු සඳුට පෙම් බඳින වාගේමං ආදරෙයි රළපෙලට සිඳු වෙරළ වාගේමඳපවන නිල් ගොයම වාගේසඳකිඳුරු සඳකිඳුරි වාගේපිණිපොදට මුතුබෙල්ලො වාගේමං ආදරෙයි මත් බමරු පිපි මලට වාගේහදගැස්ම ළය හුස්ම වාගේමහබ‍්‍රහ්ම සරොසිය වාගේරන්මලිය කඳදෙවිඳු වාගේමං ආදරෙයි

තව කියවන්න

හිරු දිලෙනවා

හිරු දිලෙනවා අහසේහිරු දිලෙනවා සිරසේමාලියේ මට හිරු ඕනෑමාලියේ හිරු ඕනෑ සඳු පායතී අහසේසඳු පසෙක වේ සිරසේරාණියේ මට සඳු ඕනෑරාණියේ සඳු ඕනෑ තරු දිලෙනවා අහසේතරු දිලෙනවා දෙකනේදේවියේ මට තරු ඕනෑදේවියේ තරු ඕනෑ මල් පිබිදෙනවා උයනේමල් එතෙනවා වරලේපාලියේ මට මල් ඕනෑපාලියේ මල් ඕනෑ නුඹ රැඳෙනවා මහදේනුඹ හිඳිනවා දෑසේබාරියේ මට නුඹ ඕනෑබාරියේ නුඹ ඕනෑ

තව කියවන්න