හිරු දිලෙනවා අහසේ
හිරු දිලෙනවා සිරසේ
මාලියේ මට හිරු ඕනෑ
මාලියේ හිරු ඕනෑ
සඳු පායතී අහසේ
සඳු පසෙක වේ සිරසේ
රාණියේ මට සඳු ඕනෑ
රාණියේ සඳු ඕනෑ
තරු දිලෙනවා අහසේ
තරු දිලෙනවා දෙකනේ
දේවියේ මට තරු ඕනෑ
දේවියේ තරු ඕනෑ
මල් පිබිදෙනවා උයනේ
මල් එතෙනවා වරලේ
පාලියේ මට මල් ඕනෑ
පාලියේ මල් ඕනෑ
නුඹ රැඳෙනවා මහදේ
නුඹ හිඳිනවා දෑසේ
බාරියේ මට නුඹ ඕනෑ
බාරියේ නුඹ ඕනෑ