සොයසොයා යනවා
තනිව වෙර දරලා
දිනෙක හමුවෙනවා
එතෙක් මම යනවා
අහස තනි රකිනා
පොලව බර උසුලා
හිරුට වැඳ සැමදා
ගමනෙ මම යනවා
දිනෙක හමුවෙනවා
එතෙක් මම යනවා
ගලන දිය දහරා
දෙපස තුරු ලෙලෙනා
කිසිදු විට නොඅසා
මගදි පහුවෙනවා
දිනෙක හමුවෙනවා
එතෙක් මම යනවා
කාල මායාවේ
නොමැත මා බැඳුනේ
ගිලෙන විට දිනිඳා
වෙහෙස සඳු නිවනා
දිනෙක හමුවෙනවා
එතෙක් මම යනවා
කවිය හද පතුලේ
ලියවුනා රහසේ
අසනු රිසි සකියා
මතකෙ ගිම් නිවනා
දිනෙක හමුවෙනවා
එතෙක් මම යනවා
පොරණ යතිවරුනේ
මෙහිම යලි උපදී
නැවත පෙර නැවතී
තැනින් යලි ඇරඹෙී
සොයසොයා යනවා
තනිව වෙර දරලා
දිනෙක හමුවෙනවා
එතෙක් මම යනවා