එහෙට පැනපියෝ
මෙහෙට පැනපියෝ
ජබුං ජබුං ජබුං ජබුං
මේක තමා මණ්ඩුක රජදහන අපේ
හිතෙන හිතෙන විටෙදි
හිතෙන තැනට පනිනවා
ඒ පැත්තට ගියත් මොකෝ
මේ පැත්තට එතත් මොකෝ
ගිලෙන නැවෙන් පනිමු මචෝ
වාසි පිලට පනිමු මචෝ
ජබුං ජබුං ජබුං ජබුං
මේක තමා මණ්ඩුක රජදහන අපේ
හිතෙන හිතෙන විටදි
හිතෙන තැනට පනිනවා
පනිනවාට ගෙවනවනේ
වැඩිම මිලට පනිනවනේ
මුහුණුපොතේ බැන්න එකෝ
බැනලා චන්දෙ දුන්නෙ මොකෝ
මේක තමා මණ්ඩුක රජදහන අපේ
හිතෙන හිතෙන විටදි
හිතෙන තැනට පනිනවා
කෑලි කඩා විකුනනවා
ආයෙ කොමිස් හිමිවෙනවා
රටම සැමට නැතිවෙනවා
ලැබෙන සල්ලි සුදු කරමූ
ජබුං ජබුං
මේක තමා මණ්ඩුක රජදහන අපේ
හිතෙන හිතෙන විටදි
හිතෙන තැනට පනිනවා
එහෙට පැනපියෝ
මෙහෙට පැනපියෝ
ජබුං ජබුං
මේක තමා මණ්ඩුක රජදහන අපේ
හිතෙන හිතෙන විටදි
හිතෙන තැනට පනිනවා
අන්තිමේදී රටින් පනිනවා
ජබුං ජබුං