මගේ ලෝකෙ පුංචි කාලෙ පිරිලා තිබුනා
සරුංගල් සරුංගල් සරුංගල් සරුංගල්
නුඹේ ලෝකෙ පුංචි කාලෙ හැඩවැඩ කෙරුවා
අරුංගල් අරුංගල් අරුංගල් අරුංගල්
ලෝක බෝලෙ අපට හොරා කැරකිලා තිබුණා
අපට නොදැනි අප වෙන්වී ලොකුවී තිබුණා
මගේ ලෝකෙ අලුත් තැනක ඉලක්ක තිබුණා
පදක්කම් පදක්කම් පදක්කම් පදක්කම්
හැරිල බලා හිතන්නවත් සිහියක් නැතුවා
ඉලක්කම් ඉලක්කම් ඉලක්කම් ඉලක්කම්
සරුංගල් සරුංගල් අරුංගල් අරුංගල්
ලෝක බෝලෙ අපට හොරා කැරකිලා තිබුණා
අපට හොයපු ධනය බලය යහමින් ලැබුනා
හැල්මෙ දුවපු දිවියෙ දිනක් විරාම ලැබුනා
අවන්හල් අවන්හල් අවන්හල් අවන්හල්
තනිව හිටපු නිසා ඔහේ ආපසු බැලූනා
සුසුම්වැල් සුසුම් වැල් සුසුම්වැල් සුසුම් වැල්
සරුංගල් සරුංගල් අරුංගල් අරුංගල්