කෝමල දෑතේ…

කෝමල දෑතේ….
දෑගිලි තාලේ….
තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්
ඈතට පාවේ….
රේවා සේලේ…
ගත කුල්මත්- සිත මන්මත්- නෙතු කැල්මන්- ඇය සුන්දර

ගීතේ මාගේ නුඹටයි ගැයුවේ
හීනේ ආයේ සරසන් සොඳුරේ
සීතල කෝඬේ….
පෑ සුව බෝ වේ…
ගත රන්වන්-නෙතු නිල්වන්- බැම ඉඳුඳුන්- හඬ කොව්ලන්
තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්

ආලේ මාගේ නුඹටයි පිදුවේ
දෑතේ යාවී සැනසෙන් සිතුසේ
නාලිය නාරී…
සීහෙළ දේවී….
එව යන් දැන් – නුඹ කැන්දන් – හද රන්දන්- මං සතපම්
තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්

කෝමල දෑතේ….
දෑගිලි තාලේ….
තක ජිම් ජිම් – තක ජිම් ජිම්- තක ජිම් ජිම් – තක ජිම් ජිම්
ඈතට පාවේ…