මාත් එහි සිටියා

මාත් එහි සිටියා
නුඹත් ඔහෙ සිටියා

දෑස රිදෙන තුරා
මදෙස බලනා තුරා
මාත් එහි සිටියා
නුඹත් ඔහෙ සිටියා

පේන සීමාවේ
බොහෝ අය පසුවේ
ඒත් මම සිටියා
නුඹත් ඔහෙ සිටියා

විටෙක සිතුවිල්ලේ
කුමක් සිදුවෙයිදෝ
ඒත් මම සිටියා
නුඹත් ඔහෙ සිටියා

හිරුද ගත දවතී
නුඹද සිත දවතී
ඒත් මම සිටියා
නුඹත් ඔහෙ සිටියා

කවුරුදෝ ආවා
නුඹ සිනාවූවා
ඒත් මම සිටියා
නුඹ ඔහු සමග ගියා