හීන හතේ මාලිගාවෙ
තනිකම හුරු නෑ
වසුන්දරාවී
දිනෙක මැදුරට ඒවී
නිමා නැතේ පාන්දරට
මුකුලුව ඇසෙනා
සුරන්ගනාවී
දිනෙක මැදුරට ඒවී
ගීත ගැයේ රාග රාග
සිත පුබුදුවනා
සරස්වතී වී
දිනෙක මැදුරට ඒවී
පාන සෙනේ ලූ දයාව
ගත පුබුදුවනා
පුරන්දරාවී
දිනෙක මැදුරට ඒවී
මාගෙ හදේ ඈ හිඳීවි
අතිනත පටලා
කුලන්ගනාවී
දිනෙක මැදුරට ඒවී