සමනළ පාටින් සිහින මවාදී
හැරදා යනු මැන මා අඳුරේ
කඳුළට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී නෙක සිත්තම්
මල් ලියකම් නෑ දේදුනු වියැකී
කොතැනද නිල් පෑ දිය ධාරා
කඳුළට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී වනමනරම්
මෘදු බැල්මන් නෑ සිනහව වියැකී
කොතැනද කරුණා ගුණ ධාරා
කඳුළට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී යහගුණ දම්