සඳුනී ඉමානී (ඩම් ඩම් ඩම්)

සඳුනී ඉමානී චංචල දෑස දරන්නී
මුකුලු සිනාවේ කිංකිණි රාව නගන්නී
මලිති ලතාවේ සිලිබිලි දෑත සැලෙන්නී
කොමල කුමාරී නාදෙට පාද තබන්නී

ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී
ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී

බමරු රගාවී දස අත ගීත ගයාවී
කොවුලො කතාවී කූජන රාග මවාවී
ඔමරි නුරාවී ගිර මත දේව විලාසී
සුළග සලාවී වරළස පාව ඇදේවී

ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී
ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී
ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී
ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී

ඔහොම සරාගී බැල්මන් සීත බිඳේවී
බොහොම රිදේවී දෙවියොත් මෑත වඩීවී
නැටුම නිමාවී කැටුවම යාවී සිතේවී
එහෙම නොවේවී සොඳුරිය මාද තැවේවී

ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී
ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී