කොහෙන් ආව වැස්සක් වුව
වැස්සට පැන නටාපන්කො
මී බිඳු ගත ඇතුලෙ නටයි
වැසි බිඳු දස අතම නටයි
රැයට මිතුරු මහා වැස්ස
ගොරව ගොරව වහින අරුම
මී බිඳු ගත ඇතුලෙ නටයි
වැසි බිඳු දස අතම නටයි
අකුණු ගසන හඬට මුසුව
දනන් කුරිරු බවද තිබෙයි
මී බිඳු ගත ඇතුලෙ නටයි
වැසි බිඳු දස අතම නටයි
අතුරු නැතිව වහින වැස්ස
සලිත කරයි තනිවුණූ හිත
මී බිඳු ගත ඇතුලෙ නටයි
වැසි බිඳු දස අතම නටයි
සුරන් පුරන අනන්තයට
මහා වැස්ස කැඳවයි මා
මී බිඳු ගත ඇතුලෙ නටයි
වැසි බිඳු දස අතම නටයි