එකතුවී අප තැනූ නුවරම
අතැර වෙන්වී හුදකලාවේ
කලක් ගතවේවී
ඔහොම ඉඳපන් ඩෝ
මාත් මෙහෙමයි ඩෝ
විහිලු තහලුද කෑමබීමද
නිමක් නැති මහ කචකචේ
හීන නම් මැවෙනා
කරන තරවටු හිතට රිදුනත්
හිරේ වැටුණා වාගෙ දැනුනට
මැරෙන්නෑ සකියේ
ඔහොම ඉඳපන් ඩෝ
මාත් මෙහෙමයි ඩෝ
කවුරු නැසුනත් කවුරු හැඬුවත්
සුසුම් එක්වෙයි වා තලේ
ඉවසපන් යකුනේ
අපට හැකිනම් එදා වාගෙම
දිනෙක අඳිමුද බිත්තියේ
මෙදා දැනෙනා දේ
ඔහොම ඉඳපන් ඩෝ
මාත් මෙහෙමයි ඩෝ