ඕම් නම: ශිවා
කොතැනද නොගියේ පිහිටට හෙළයේ
දකිනා තුරු ශිව මගෙ හිරු කුලයේ
-ශිවා රක්ෂසම් ශිවා
එකම සරණ නුඹ පමණයි මා හට
සදා ශිවා -ශිවා
ගිජිඳුන්ගේ නෙතු බාල පැටුන් ලද
රිවිඳුන්ගේ නව කිරණ උදාගිර
ලෙසින් රැඳෙන් -ශිවා
හෙළයන්ගේ අබිමානය දැනගෙන
දෙපයින් මා හට නැගිටින්නට අත
දෙමින් ශිව: -සදා ශිවා
වැනසුමෙ සලකුණ නුඹයයි පැවසුව
ලෝ අනියත බව වැටහුණු කරුණද
බවුන් වඩා -ශිවා
කයිලාසය මත රෝහණෙ වැඩ සිට
කරුණා ගුණයම ලොවට මුදාහල
තිනෙත් ශිව: -පරම ශිවා
අලුයම ඈතින් ඇසෙන හඬින් මම
සොයමින් බෝ දුර පරපුර ගැන ගැන
ඇවිත් සිටිම් -ශිවා ශිවා
සමනොළ ගිර පා කමල ළගදි නුඹ
තනිවූ මා හිස මතට දැමූ බර
දැයක් ශිවා
-නම: ශිවා