සමනල පාටින් සිහින මවාදී
හැරදා යනු මැන මා අඳුරේ
කඳුලට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී නෙක සිත්තම්
මල් ලියකම් නෑ දේදුනු වියැකී
කොතැනද නිල්පෑ දියධාරා
කඳුලට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී වන මනරම්
මෘදු බැල්මන් නෑ සිනහව වියැකී
කොතැනද කරුණා ගුණධාරා
කඳුලට හුරුවූ දිවියේ නොදුටිමි
සැමදා නුඹ කී යහගුණදම්