ගර්ගරා

ගර්ගරා
සඳමඩලෙන් බැසවුත් වේරගංතොටේ නර්තනා
හද රන්දනා
අශ පරශර අසපුව නොදුටුව අශලිය චන්දනා
පුන චන්දිමා
මෙහෙවර පුර සිරි වඩවන පොකරණි නම් දරා

මහීෂ පුරයේ මරකත විලසේ
දුටුවන් බලනා දැක යලි ගයනා
ගයමින් වයනා රූ සිරි වරුණා
මන්දිරා පුර අංගනා
රජකුලයේ අබිමන
රූසිරියෙන් ඔප නංවනා

මාමිනි සතොසේ විඩාව නිවුවේ
කිසිවෙක් තැනුවේ නුඹ ගුණ සිහිවේ
සියොතුන් ගයනා හදවත් නිවනා
කරන්දරා පිපි චම්පිකා
තුරු යායට වටවූ නුඹගේ නාමය
සුන්දරා

ඌරණි නගරේ පවුරට නැගුනේ
සිහිනෙන් දුටුවේ හැබහින් ඇසුවේ
හඬමින් දුවනා රෑ සඳ එලියේ
ස්පන්දනා සිත බින්දනා
පුර පවුරෙන් ගිලිහුණු මා සඳවතියේ
ගර්ගරා