වීර විකුමැති හිරු කුලේ

වීර විකුමැති හිරු කුලේ
මහා සම්මත සිව්හෙළේ
මාර සෙන් බිඳ , වීර කම් කළ
වීර රාවන ධීර රාවන
ඇතුන් පිට දැන් වඩිනවා
කසුන් සේසත් වැනෙනවා

රුහුණු කුබුකන රටේ ජය ඝෝෂ කිරින්දේ සේනා එනෝ
රාක්ෂස බළමුළුව මහසෙන් කඩුව සුරතේ ලෙලවනෝ
හලාවත මුතු ලෙසින් දිදුලයි නාග හෙළයේ නාගයෝ
විභීෂණ සමගින් පෙලේ එයි සයුරු ජයගත් සිංහයෝ

මහා දාගැබ් නගා සුරකින යක්ක හෙළයේ යක්ෂයෝ
උතුරු හෙළ බිම නිවන් පුරයයි නිවන තෙක් අප බොදුණුවෝ
අහා එමටයි මහා තේජස රකුන්පති සක්විති රජෝ
වැයේ රාවන හස්ත දස අත බලපන් හෙළ අසුරයෝ

වීර සවිමැති ලකිසුරෝ ලෝක සතරක රජ කලෝ
සාර පින් බල , තේජ රක් කුල වීර රාවන ධීර රාවන
මොණර යතුරෙන් වඩිනවා ගගන තල ගුම් නගනවා

බෝම පිං ඇති බෝසතුන් වීර රාවන සූර රාවන
මෙතුන් හෙළයම සනසවා කසුප් විවරණ ලබනවා
මහා යුගයක මහා විරුවා දිනෙක බුදු බව පතනවා