ගොම්බෙටි ගොම්බෙටි හිද්දලයා
නුඹ එඩිතර එඩිතර සිංහළයා
ගගබඩ වස්දඬු රාවය ඇයිදෝ
ගම තුල එළියක් අලූතින් ඇයිදෝ
ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා
චක්ගුඩු ගුඩු ගුඩු
චක්ගුඩු ගුඩු ගුඩු
චක්ගුඩු ගුඩු ගුඩු
චක්ගුඩුවා
ගවරැළ සතුටින් තණබිම් යායේ
කොතැනද ඒ රුව උන් ඇත එතැනේ
ගොපල්ලා ගොපල්ලා සවිබල බලල්ලා
චක්ගුඩු ගුඩු ගුඩු
චක්ගුඩු ගුඩු ගුඩු
චක්ගුඩු ගුඩු ගුඩු
චක්ගුඩුවා
ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝ
ගල්කුළ වටකොට කොලූ රැල ඇයිදෝ
ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා
ගොම්බෙටි ගොම්බෙටි හිද්දලයා
නුඹ එඩිතර එඩිතර සිංහළයා