හපමු විටක්

යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයි
යාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයි
බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලා
සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා

යාලු යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයි
එහෙම යාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයි
පුරුදු බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලා
හපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා

දහඅටේදි පරසුද්දෝ ඉල්ලං කෑවා
විටක් හපල අපේ මුත්තෝ සුද්දා පැරද්දුවා
කුඹුරු ගිනි තියා- ළමයි මර මරා
සදාචාර නීති පොතම බල්ලට දාලා
අන්න එහෙම බලූ විදියට සුද්දා රජවුණා
සුද්දා රජවෙලා පෙළපොත් උන්ම ගොණුකලා
අන්තිමේදි අනේ බුලත් විටටත් කෙලියා
යුග යුග බැඳි අපේකමත් අපිට නැතිකලා

කරදමුංගු කොත්තමල්ලි ඉ`ගුරුපියල්ලක්
දාමු කරාබු නැට්ටක් අරත්ත මලකුත්
කුඹුක් හුණුද සූදුරූ කුරුඳු කලූ තල අහුරූ
කම්ස දලූද මාදුරූ වසාවාසිත් කපුරූ

අපෙ ගමේම කෙල්ලො කොල්ලො එක්රොක් වෙනවා
කයිවාරුව නොවෙයි ඔන්න රට ගැන හිතුවා
දහඅටේදි හැපුව විටම ආයෙත් හපලා
පුරන් කුඹුරු සේරම ටික අස්වද්දනවා
ලේ දන්දෙනවා- දන්සැල් දෙනවා
ගමේ තියෙන පොලිතින් ටික උන්ඇහිඳිනවා
කල්ලතෝනි කපපු කැලේ පැල සිටවනවා
ඒත් අනේ උන් සතයක් ඉල්ලූවෙ නැතුවා
බුලත් විටක් හපනවා එතකොට වෙහෙස නිවෙනවා
අන්න එහෙම අපේකමක් යළි ගොඩ නැගුනා
බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලා
හපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා

උතුරත් අපගේ දකුණත් අපගේ
පූරබ පච්චිම මැදරට සේරම අපගේ
කවුරුත් පාහේ හැපුවොත් ආයේ විටක්
එකම රටයි මිතුදම යලි බෝවේ සිතුසේ

යාලූකමට හපමු විටක් පුරුද්ද එහෙමයි
එහෙම යාලූකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයි
පුරුදු බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලා
හපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා
යාලූ විටක්ම පමණයි මචං විටක්ම පමණයි අඩෝ විටක්ම පමණයි යකෝ විටක්ම පමණයි
හපමු විටක්ම පමණයි විටක්ම පමණයි එලම විටක්ම පමණයි බොක්ක විටක්ම පමණයි සිරාවට විටක්ම පමණයි විටක් විටක් විටක් විටක්……