අවිතෝ…. කුස රතු අවිතෝ
මාත් කියම් මාත් කියම් අවනඩුව මෙතේදා
නුඹත් මමත් හුස්ම ගත්තු මේ පින්බිම නැසේයා
කන්දෙන් හැලූනේ ඇයගේ වරළස
නීල නීල පාටින්
කඳු යායෙන් උඩ අහසේ සේලය
සීත ධවල පාටින්
කවුරුද ඉරලා ඇයගේ සේලය
කවුරුද සිඳලා ඇයගේ වරළස
කුස රතු අවිතෝ …..
කන්නෙන් කන්නෙට පැසෙනා කෙත්වතු
රෑණ සෝණ පාටින්
වනයේ සරනා ඇයගේ දරුවොයි
වනයේ සියොතුන් සිවුපාවුන්
කවුරුද වස ලා කනබත් පතටද
කවුරුද ගිනිලා වනබිම් යායට
කුස රතු අවිතෝ …..