සීතල මදනලේ එතිලා සල්මල් සුවඳක්ද පටලා
යායක තරු රෑට අහසෙ නැකතට නළලතට වැටිලා
පායන හිරු සඳුට වැඳලා පියඹගෙ හිස දෙපස සරසා
මං ආවෙ එහෙම රටක ඉඳල ඒ රට මුහුදෙන්ම වටලා
ඈතට මහ නිල්ල නිලට කෙත්වතු කරලින්ම බරලා
පාරුවෙ එක් ගඟක දකුණෙ ග
ඟරුව පූජාව තියලා
ඕසෙට කරුණාව කියල කන්දක මුදුනටම නැගලා
මං ආවෙ එහෙම රටක ඉඳල ඒ ගිර ඉර සේවෙ වැඳලා
සාගර නැබ මුතු කිමිදෙයි වෙරළේ තුරු නෙරලූ පෙළයි
මීවද ඔරු ඇතුලෙ බැඳෙයි බටහිර වෙළඳාමෙ තොටයි
ථූපෙක ගං ඉවුරු තෙරක මිණි බැඳි අසුනක්ද තිබෙයි
මං ආවෙ එහෙම රටක ඉඳල නාලොව නාලියන් දැකලා
දාගැබ් හැම බලන අතේ උදේට තේවාව ඇසේ
පේවී පුද පඬුරු බඳින ඉපැරණි සුරතුරක් වෙතේ
සූරිය චන්ද්‍රයන් ගැටෙන පැරණිම නගරයක් ඇතේ
මං ආවෙ එහෙම රටක ඉඳල සක්විති පෙළ කතා අහලා
වේලූව යායකට රඟන බේලූව වීණාව වැයෙන
කාලය නොදැනීම ගෙවෙන පුරාණ ලෙන් අතර නිවන
සූරිය දෙවි උදයෙ නැගෙන සවසට නැබ අසුර බිමන
මං ආවෙ එහෙම රටක ඉඳල මනුපුර මහගෙදර ඉඳලා
ලෝකෙම පින් කෙතක අරුම බෝසත් පාරමී පුරන
වසරින් වසරකට නැකත ඒ බිම හැම එකතු කරන
සම්මා සම්බුද්ධ දහම රකිනට යුග ගනන් නැහෙන
මං ආවෙ එහෙම රටක ඉඳලා කවුරුත් සිංහළේ කියනා