අහස ගැලවී බිමට වැටුණා
මගුල් බෙර කුස කඳුලූ පිරුණා
ගීත හඬ වියැකී අඳෝනා
මගුල අවමගුලකට හැරුණා
කුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී
කුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී
කුරුබිලිය ළග රුපුන් නෑ පල නන්දිනී
ඇවිදගන්නට වෙර දරද්දී
තවත් අය පිළිසරණ පැතුවා
මගේ අය කෝ නුඹ සොයද්දී
එකා පිට එක මැරී වැටුණා
කුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනී
කුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනී
කුරුබිලිය වැඩි දුරක නෑ පල නන්දිනී
අතැර පලයන් ඔහු යදිද්දී
වැලක ගෙඩි බර පයට දැනුනා
රුදුරු කගකින් ඔහු නැසෙද්දී
සොයුරු පෙම නුඹ කැටුව දිව්වා
කුරුබිලියෙ දොර විවර කරපන් නන්දිනී
කුරුබිලියෙ දොර විවර කරපන් නන්දිනී
කුරුබිලියෙ දොර විවර කරපන් නන්දිනී
රුහුණු වෙල්ලස්සෙදි හමද්දී
අසුර සුළගින් ළයට දැනිලා
ගලක් මඩකර ලියාවී උං
සැබෑ සිංහළ මහාවංශේ
කුරුබිලියෙ දොර වසා පලයන් නන්දිනී
කුරුබිලියෙ දොර වසා පලයන් නන්දිනී
කුරුබිලියෙ දොර වසා පලයන් නන්දිනී