කෝ අනිකෝ

රුදු වන ගැබේ- තනිවූ යුගේ
ගොරවන හඬේ- බියකරු බවේ
පැන යන්න තැනක් නෑ
සැඟවෙන්න තැනක් නෑ
කෝ අනිකෝ…….
කෝ අනිකෝ…….

ජනපද බිහිව නැතී
චකිතය හිතෙහි රැඳී
සෙවනැලි මැවේ- ගොර ගොර ඇසේ
විෂ දල දිගේ- ගොදුරද භවේ
හිනැහෙන්න හිතක් නෑ….
සැනසෙන්න මගක් නෑ…..
කෝ අනිකෝ…….
කෝ අනිකෝ…….

පැන යන්න තැනක් නෑ
සැඟවෙන්න තැනක් නෑ
කෝ අනිකෝ…….
කෝ අනිකෝ…….

දෙනෙතට නින්ද නැතී
සවනට නිනව් නැතී
පර්වත වැනී- විගහින් එතී
දැන් දැන් වගේ- මරණය දැනේ
සුසුමන්ද ගැටෙන්නා……
හදගින්න නිවෙන්නෑ…
කෝ අනිකෝ…….
කෝ අනිකෝ…….

පැන යන්න තැනක් නෑ
සැඟවෙන්න තැනක් නෑ
කෝ අනිකෝ…….
කෝ අනිකෝ…….

රුදු වන ගැබේ- තනිවූ යුගේ
ගොරවන හඬේ- බියකරු බවේ
පැන යන්න තැනක් නෑ
සැඟවෙන්න තැනක් නෑ
කෝ අනිකෝ…….
කෝ අනිකෝ…….