යාලුවේ

යාලුවේ…..
මම වන්නි ගියේ
ඒ නෙතු සොයලා…

ගිනි මද්දහනේ
ඇය දුටුවෙ එදා
අරගල කරනා
අන් සැමට වඩා
ඒ නෙතු බැඳුනා
යාලුවේ…..

තොරතුරු විමසා
ඇය නැතිව මෙදා
කිසිවෙකු කීවා
ඇගෙ නම තමරා
ඒ හද දැනුනා
යාලුවේ…….

වන්නිය පීරා
හැම තැන බැලුවා
සිත බිඳිලා මා
එන විට හැරිලා
ඒ නෙතු ගැටුණා
යාලුවේ..