මං තනියමයි ආවේ
මං තනියමයි යන්නේ
මං තනියමයි ඉන්නේ
වයන්නෙ ගයන්නෙ රගන්නෙ දැන්
මට නිනව්වක් නෑනේ
මට වෙලාවක් නෑනේ
මට අදාලම නෑනේ
උදේද දවල්ද වෙලාව නම්
ඉර උදෙන්මද ආවේ
සඳ වලාමැද පීදේ
තරු ගිලීලත් වැටුනේ
හොයන්නෙ බලන්නෙ කියන්නෙ ඇයි
දැන උගත් පඬි රෑනේ
බණ අහන්නත් බෑනේ
වෙන වැඩත් මට නෑනේ
මගේම පදේට නටන්නෙ මං