නොලැබෙන සඳට බැඳීලා
නොහඬන් අමාවකේදී
සඳකැන් අඳුර මකාවී
පුරපෝ දිනට උදාවී
ජීවිතයේ යලි අමාවකද එයි
අඳුරට හුරුව ගෙවේවී
නොලැබෙන සඳට බැඳීලා
නොහඬන් අමාවකේදී
කිසිවෙකු ලැගුම් ගනීවී
නිවසට නොයන රැයේදී
නාඳුනනා හද මුදාවි සරතස
උදයට ඔහුද නොවේවී
නොලැබෙන සඳට බැඳීලා
නොහඬන් අමාවකේදී
අහසද පොලව මැදේදී
සැමදා උපත ලබාවී
ජීවිතයේ රස පුරෝකතන වෙද
විරතිය දැනුනු දිනේදී
නොලැබෙන සඳට බැඳීලා
නොහඬන් අමාවකේදී