සකිය මගිය මා හා ආ

සකිය මගිය මා හා ආ
සකිය මගිය මා හා ආ

මෙවැනි අඳුරු ඝන වනයක්
මෙවැනි රුදුරු ඝන වනයක්
මෙයට පෙරදි හමුවී නම්
පහන දැල්වුයේ නුඹමැයි

සකිය මගිය මා හා ආ
සකිය මගිය මා හා ආ

තනිව ගමන නොයන වගක්
තනිව ගමන නොයන ලෙසක්
මෙයට පෙරදි කී ලෙසමැයි
එලෙස කියූවේ නුඹමැයි

සකිය මගිය මා හා ආ
සකිය මගිය මා හා ආ

සොඳුරු නොමග දුටු මොහොතක්
කඳුල නාඳුනන මොහොතක්
මෙයට පෙරදි නොවු විරසක
විරසක වූයේ නුඹමැයි

සකිය මගිය මා හා ආ
සකිය මගිය මා හා ආ

ගමනෙ විඩාවත් තනිවයි
ගමනෙ නිමාවත් තනිවයි
මෙයට පෙරදි නැති තනිකම
මටම හුරු කලේ නුඹමැයි

සකිය මගිය මා හා ආ
සකිය මගිය මා හා ආ