ගුගුරා වහී

ගුගුරා වහී
මැදියම් රැයේ
පුපුරා බිඳී
අකුණුද සැරේ

පහන් කණුවට පාමුලේ
වීදියේ උන්නා
සුපුරුදු ලෙස මා උන්නා
සේවා මුරය බැවිනා

ගණනුත් අසා
වැඩියැයි කියා
අඩු නෑ අසා
ඇවටිලි කලා

පහන් කණුවට පාමුලේ
වීදියේ උන්නා
සුපුරුදු ලෙස මා උන්නා
සේවා මුරය බැවිනා

අඳුරේ වෙලී
සීතල එතී
උණුසුම වෙතී
පිරියක් නැතී