සීගිරි ගීතය

අශෝක වනයේ පලවැළ නෙළලා
පිට දිය අගලින් මානෙල් පළඳා
සිංහ පාදයට පහනක් තබලා
සීගිරියට එනු මැන සොඳුරේ
සැමට හොරා එනු මැන අඳුරේ

රාවන හස්තය වැයෙන තුරා
හෙළ අවනද්ධය හඬන තුරා
පෙරඹර හිරු දෙවි වඩින තුරාවට
වෙහෙසක් නොදැනේ නර්තනයේ

ජයසක් හඬවන හෝරාවේ
හේවිසි හඬ ඇරඹෙන්ට කලින්
සෙල්පිය ගැට මත සෙමින් පය තබා
පිදුරංගල යමු උදෑසනේ