මාත් කියම්

අවිතෝ…. කුස රතු අවිතෝමාත් කියම් මාත් කියම් අවනඩුව මෙතේදානුඹත් මමත් හුස්ම ගත්තු මේ පින්බිම නැසේයා කන්දෙන් හැලූනේ ඇයගේ වරළසනීල නීල පාටින්කඳු යායෙන් උඩ අහසේ සේලයසීත ධවල පාටින්කවුරුද ඉරලා ඇයගේ සේලයකවුරුද සිඳලා ඇයගේ වරළසකුස රතු අවිතෝ ….. කන්නෙන් කන්නෙට පැසෙනා කෙත්වතුරෑණ සෝණ පාටින්වනයේ සරනා ඇයගේ දරුවොයිවනයේ සියොතුන් සිවුපාවුන්කවුරුද වස ලා කනබත් පතටදකවුරුද ගිනිලා වනබිම් යායටකුස රතු…

තව කියවන්න

කිත්තානේ කිනත්තේ

( ඕම් ඉන්ද්‍රමුඛේමේලමුඛේමහානාරායනමුඛේඋදයබ‍්‍රහ්මරූපංමධ්‍යමමහේෂ්වරරූපංසවසවිෂ්ණුරූපංඕම්ජයකටකටත්තවිකටමරණතරභේරියංකුජසංගීතභරණංමමදේහනායකසිද්ධිබලංමමදේහනායකබුද්ධි බලං) කිත්තානේ කිනත්තේ කිත්ති කතානේසක්විත්තන් හිරුට වැන්ද සිංහළ දීපේපුප්පානේ පූපනේ පැණිරස වෑහේගම්මානේ ගිගුම් දිදී සිංහළ නාදේකණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේරාවන පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ ඩමරු බුද්ධ බෙර වයා නැකැත් කෙලින්නාකැවිලි පෙවිලි උයා උයා හැඩවැඩ වෙන්නාඅනුරාපුරයේ සයංජාත කිරිබත් සැදෙනාසමනොල සබරේ මසුරන් බත දනට පිදෙන්නාවස්සානේ දසන්තේ රාවන තාලේඅවුරුද්දම සතුට රැන්දු සදහම් දීපේ නකුල දේව සේ…

තව කියවන්න

එම්දෝ නැද්දෝ

එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි කවුරු හිඳීවිද දන්නේ නෑබැනලා එලෝවිද දන්නේ නෑමටද මෙලෝ දේ තේරෙන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි වෙනදා වගෙ හිත හැල්මේ නෑපුරුදු විරාමය දැනුනේ නෑඈද හිඳීදෝ දන්නේ නෑ එම්දෝ නැද්දෝහිත ගිඩිගිඩි ගායිමොනවා වෙද්දෝපය සටසට ගායි හිතට විවේකය තිබුනෙත් නෑඇයව බොහෝ කල් දුටුවෙත් නෑකරුණු කෙසේ වෙද හිතුවෙත් නෑ…

තව කියවන්න

හාන්දුන්නේ… (පිරිමි)

මිගිටි මුරිතියන් තබුලාදනට යප්පනව සැවොමාඅපට වරම් නැති හැටි ඇයිරතව්පාල්ලෝහාන්දුන්නේ……………… ගලටු තිබෙන පතලි කොටාමුරට දමනවයි මුනිසාහාපදුමන අපට තමයිරතව්පාල්ලෝහාන්දුන්නේ……………… තෙරි කරනා කටුපුල්ලේතෙරිපාල්ලට හිත ලොල්ලේලාවට දෙක පල් සත්තයිරතව්පාල්ලෝහාන්දුන්නේ………………

තව කියවන්න

ඩෝලේ

නූපුර රාවෙටවත්සුණු සුවඳටහැඬවෙයි නැළවෙයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ පායන පුන්සඳ වීදියෙ රෑයමපෑයූ යාමෙට විමසයි විමසයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ සීතල සුළඟට අවනත ගහකොළසිලිසිලි හඬකින් මුමුණයි මුමුණයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ දෑසින් පවසන දෙතොලින් සඟවනඈ හද ගීතයෙ තාලයෙ නාදයමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ

තව කියවන්න